Style3[OneLeft]

Style3[OneRight]

Style4

Style5

Legend of the Seeker With Sinhala Sub[සොයන්නාගේ පුරාවෘත්තය]


“ලෙජන්ඩ් ඔෆ් ද සීකර්” නැත්නම් “සොයන්නාගේ පුරාවෘත්තය” පාදක වෙන්නෙ Terry Goodkind ලියපු “The Sword of Truth”නවකතාව. මේක ඉතින් ලෝකය පුරා හොඳට ජනප්‍රිය වුන නවකතාවක්. නවකතාව ගැන විස්තර මෙතනින්

IMDb දර්ශකයෙ 7.5/10 වැනි අගයක් ලබාගන්න සමත් වුන මායාවන්ගෙන්, වික්‍රමයන්ගෙන් සහ ආදරයෙන් පිරුණු Legend of the Seeker කතාමාලාව ඔයාලට නැවුම් අත්දැකීමක් වේවි. සුන්දර නවසීලන්තයෙදි රූපගත කර ඇති Legend of the Seeker කතාමාලාව සඳහා Richerd Cypher නැතිනම් සීකර් (සොයන්නා) ලෙස Craig Horner ද Kahlan Amnell නැතිනම් පාපොච්චාරණය කරන්නිය ලෙස Bridget Regan ද Zeddicus Zu’l Zorander නැත්නම් පළමු ගණයෙ මායාකාරයා ලෙස Bruce Spence ද Darken Rahal ලෙස Craig Parker ද රංගනයෙන් එකතු වී සිටිනවා.
දැන් අපි කතාව පැත්තට හැරෙමු. මිනිස්සු පීඩිත වෙලා අසරණ වෙලා ඉන්න කාලවලදි ඒ මිනිස්සු වෙනුවෙන් වීරයෙක් නැගි සිටිනවා නපුරට එරෙහිව සටන් කරන්න. ඔහු තමා සීකර් නැත්තම් සොයන්නා කියලා හඳුන්වන්නෙ. මේ කාලයේදි ඩාර්කන් රහ්ල් කියන දුෂ්ට පාලකයා නිසා මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. ඔය අතරෙ ශාස්තෘවරයෙක් මරණ මංචකයෙදි අනාවැකියක් පලකරනවා සීකර් (සොයන්නා) ගැන. බ්‍රෙනින්ඩන් කියන නගරයෙ සීකර්ගෙ උපත සිදුවුනා කියලා. ඉතින් ඩාර්කන් රහ්ල් කරන්නෙ තමන්ගෙ ඩ‘හරාන් සේනාව යවලා නගරයෙ හැම කුළුඳුල් දරුවෙක්ම ඝාතනය කරන එක. ඒත් සෙඩ් කියන මායාකාරයා නියම සීකර්වත් අරගෙන හාර්ට්ලන්ඩ් වලට පලායනවා. අවුරුදු ගණනකට පස්සෙ නියමිත කාලයෙදි කෙයිලාන් කියන පාපොච්චාරණය කරන්නිය සීකර්ව හොයාගෙන හාර්ට්ලන්ඩ් වලට එනවා. රිචඩ් සයිපර් මේ වෙනකොටත් මේ අනාවැකිය තමන් සීකර් කියලා දන්නෙ නෑ. සෙඩ් ඔහුට කියලත් නෑ. ඉතින් රිචඩ් පිළිගන්නෙම නෑ මේ කතාව. බලවත් සත්‍යයේ අසිපත දැරිය යුතු රිචඩ්ට තමන්ගෙ දෛවය තමන්ට නියමිත කාර්යය තේරුම් කරවන්න කෙයිලාන්ට සිද්ධ වෙනවා. රිචඩ්, කෙයිලාන්, සෙඩ් එකතු වෙලා ඉස්සරහට මොනවා කරයිද? ඩාර්කන් රහ්ල්ව විනාශ කරන්න ඔවුන් සූඳානම් වෙන්නෙ කොහොමද?
මෙම කතා මාලාවේ සීසන් 2යි.කැමති අය ඉන්නව නම් 0778976779 ට කෝල් එකක් දෙන්න.නැත්තම් වයිබර් මැසේජ් එකක් දාන්න.සීසන් 2 ඩිවිඩි 2 කට තමයි දෙන්නෙ.ඉතින් මේ සීසන් දෙකම රු 200.00 /= විතරයි වෙන්නෙ.

About -GhOsT MaN-

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

Top