The Walking Dead [සිංහල උපසිරස සමග රුපියල් 100]
Walking Dead කිව්වාම දන්නේ නැති කෙනෙක් නෑනේ? Zombie සංකල්පය පාදක කරගෙන හදපු සාර්ථක කථා මාලාවක්. ඒ විතරක් නෙවෙයි, සැලකිය යුතු ආදායමකුත් උපයන කථාවක්. මේ අවුරුද්දේ මේකේ අලුත්ම සීසන් එකත් විකාශය වුනා. IMDB දර්ශකයෙත් ඉහළ අගයක් ලබාගන්න සමත්වෙලා තියෙන මේ කථාව ඔයාලා බලලා තියෙන අනික් කථා වලට වඩා ගොඩක් වෙනස්. සාමාන්‍යයෙන් කථාවක් ආරම්භවෙලා ටික කලකින් තමයි ප්‍රේක්ෂකයට ප්‍රශ්ණ ඇති කරන්නේ. රහස් වගේ දේවල් එලියට එන්න ගන්නේ. කුතුහලය අවුස්සන්නේ. ඒත් මේ Walking Dead නම් ඒ ක්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්ධ කථා මාලාවක්. මුල්ම කොටසින්ම ප්‍රේක්ෂකයගේ හිතේ ප්‍රශ්ණ කෝටියක් විතර ඇති කරන කථාවක්. සීසන් 1 එක අවසාන වෙනකොටත් මේ උණුසුම ඒ විදියටම තියාගෙන යන කථාවක් විතරක් නෙවෙයි, මේකේ ත්‍රාසය, භීතිය සහ සටන් වලට කැමති අයවත් ඇද බැද තබාගන්න දර්ශන ඇතුලත් වෙනවා.
හරි දැන් අපි පොඩ්ඩක් කථාව පැත්ත හරිලා බැලුවොත් එහෙම මුලින්ම අපිට දකින්න ලැබෙන චරිතය තමයි රික් කියන්නේ. මෙයා පොලිස් නිලධාරයෙක්. කථාව පටන් ගන්නේ නම් පොලිස් වැඩකින්ම තමයි. ඒත් මේකෙදි රික්ට පොඩි අකරතැබ්බයක් වෙලා රෝහල්ගත වෙන්න වෙනවා. ඇහැරෙනකොට රෝහලේ කවුරුත් නෑ. එක ඩොක්ටර් කෙනෙක්වත්, මිනිහෙක්වත් නෑ. අඩුම තරමේ ලෙඩෙක්වත් නෑ. හැම තැනම තියෙන්නේ ලේ සහ මළ මිනී. ඇත්තටම රික්ට මේක හීනයක් වගේ. ඔයාලා හිතන්නේ ඇත්තටම මොකක් උනා කියලද? මෙහෙම වෙන්න නම් හීනයක්ම වෙන්න ඕන කියලා හිතනවද?
