Spartacus සිංහල උපසිරස සමග
මෙහි මුල්ම කොටස රූප පෙට්ටියේ කලඑළි බැස්සේ 2010 ජනවාරි 22 ඉඳන්. එදා පටන් ගත්ත වැඩේ අද වෙනකන් ඇවිත් කතා මාලා දෙකක් අවසන් කරලා තුන් වන මාලාවේ පළමු වැන්න පසුගිය ජනවාරි 25 විකාශනය වුවා. තවත් කියනවා නම් මෙම Spartacus කතා මාලාව IDMb ශ්‍රේණි ගත කිරීම් වල 8.7 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා. පළමු කතා මාලාව Spartacus : Blood and Sand කොටස් 13 ක් සහ දෙවන මාලාව Spartacus : Vengeance කොටස් 10 ක් සහ තෙවන මාලාව Spartacus : War of the Damned කොටස් 10 ක් වශයෙන් විකාශනය වීමට නියමිතයි. ඇත්තටම සුපිරි කතාවක් මේකට අන්තර්ගත කරලා තියෙන්නේ. මේ කතා මාලාවට අදාල දර්ශන බොහොමයක් රූපගත කරලා තියෙන්නේ නවසීලන්තය තුලදී. මේ කතාව නම් ඇත්තටම වැඩිහිටියන්ට වඩාත්ම සුදුසු කතාවක්. මොකද මේ කතාව තුල ඒ වගේ දර්ශන සැම කොටසකම වගේ ඇතුලත් වෙන නිසා. තව කියනවා නම් මෙහි අපි දන්න කියන නළු නිළියොත් රංගනයෙන් දායකත්වය දක්වනවා. මතකද දන්නේ නැහැ සිංහල උපසිරැසි එක්ක රූපවාහිනියේ පෙන්වපු Xena the Warrior Princess කියන කතා මාලාව එකේ Xena චරිතය රඟ දක්වපු Lucy Lawless මේ කතා මාලාවෙත් දැක ගන්න පුළුවන්.
දැන් එහෙනම් කතාව ගැන කියන්නම්. ඔයාලට මතකද 300 චිත්‍රපටිය. එකේ තියෙන කතාවට සමාන කතාවක් තමා මෙහි සතියෙන් සතිය දිග හැරිලා තියෙන්නේ. මේක පරණ රෝමයේ සිදුවූ කතාවක්. රෝමයේ හිටපු තවත් ජන කොට්ඨාශයක් තමා “ත්‍රේසියානුවෝ”. මෙයාලා ගොඩක් දක්ෂ සටන් කරුවෝ. එහෙත් රෝමයේ මේ කාලය තුල සැහෙන්න ලෙස බලයට ඇනකොටා ගැනීම් තිබෙනවා. මේ “ත්‍රේසියානුවන්ට” නිතරම අඩම්තේට්ටම් කරපු මිලේච්ඡ මිනිස්සු කොට්ඨාශයක් තමයි “ගෙටායි” වරු. ඉතින් මේ අතරතුර රෝමන්වරු තමා රෝමය පාලනය කරන්නේ. එහෙත් රෝමය ආක්‍රමණය කරන්න ග්‍රීසිය සමඟ සන්ධානගත වෙලා “මිත්‍රාදාටිස්” කියල කෙනෙක් එනවා පහර දෙන්න “ගෙටායි” වරුත් කැටුව. මේක රෝම හමුදාවට ලොකු ගැටළුවක් නිසා රෝම රජය උදව් ඉල්ලනවා මේ “ත්‍රේසියානු” වැසියන්ට පරදෙශි මිත්‍ර හමුදාවක් ලෙස එකතු වෙන්න කියලා මේ යුද්ධයේදී. ඉතින් මේ “ත්‍රේසියානු” වැසියෝ පොරොන්දු වෙනවා මේ යුද්ධෙට උදව් කරන්න යම් කොන්දේසියක් මත. ඒක තමයි “ගෙටායි” වරුන්ව අතුගාලා දමන්න. මේ “ත්‍රේසියානු” හමුදාවේ සිටින දක්ෂ සටන්කරුවෙක් තමා “Spartacus” කියන්නේ. ඔන්න ආරම්භය දුන්නා. හිතනවා මේ තොරතුරු ප්‍රමාණවත් කියලා ආරම්භයට. මෙතනදී “ත්‍රේසියානු” වැසියන්ගේ පොරොන්දු ඒ ආකාරයෙන්ම රෝම රජය ඉටු කරනවද කියලා පළමු කොටසින් දැන ගන්න පුළුවන්. අදින් තමා මේ සටන ආරම්භ වෙන්නේ. අපි බලමු ඉදිරියට වෙන්නේ මොකද කියලා.[උපුටාගැනීම]
ඕන අය ඉන්නව නම් ඉල්ලන්න 0778976779, සීසන් 3යි රුපියල් 300/= වෙනව.

No comments :